fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපනශාලා සහ අවන්හල්වල කෑම සහ තේ මිල ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 12:13

ආපනශාලා සහ අවන්හල්වල කෑම සහ තේ මිල ඉහළට

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල ගණන් අද මධ්‍යම රාත්‍රීයේ සිට සංශෝධනය කර තිබෙනවා.

මේ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ද කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ප්‍රමාණයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් ඉහළ නංවා තිබෙනවා.

එම මිල ගණන් කොළඹ දිස්ත්‍රික්කයට අදාළවයි ලිට්‍රෝ සමාගම දැනුම් දී ඇත්තේ.

මේ අතර ජල සහ විදුලි බිල මෙන්ම අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීම හේතුවෙන් සියලු ආපන ශාලා සහ අවන්හල්වල කෑම මෙන්ම තේ මිල වැඩිකරන බව සමස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසනවා.

සීනි සඳහා අය කරන විශේෂ වෙළද භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 50 දක්වා ඉහළ දැමීමට ක්‍රියාකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්