fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර හා ඖෂධ නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 09:52

රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර හා ඖෂධ නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

වෛද්‍ය සායන සඳහා රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ට කඩිනමින් ප්‍රතිකාර හා ඖෂධ නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා.

ව්‍යාපෘතිය යටතේ මානව තොරතුරු කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙනවා.

එම වැඩපිළිවෙළ මීරිගම මූලික රෝහලේ දී ආරම්භ කෙරුණා.

වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගීන්ට පෝලීම්වල රැඳී නොසිට රෝහලට පැමිණි අවස්ථාවේදීම සායනවලට සහභාගී වීමට මෙන්ම ඖෂධ ලබා ගැනීමට මෙම ක්‍රමවේය ඔස්සේ අවස්ථාව හිමිවනවා.

රෝගීන්ගේ සියලු තොරතුරු පරිගනක ගත කිරීමෙන් එම කළමනාකරණ කටයුතු පහසුවී තිබෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ අවස්ථාවට රාමඤ්ඤ නිකායේ මහානායක අති පූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ මෙන්ම  බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ , මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය මලීෂා මල්ලවආරච්චි යන මහත්ම මහත්මින් ද සහභාගී වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 4, 2023 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්