නේපාලයේ සිදුවූ භූමිකම්පාවකින් පුද්ගලයන් 128 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
නේපාල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට මෙම භූමිකම්පාව සිදුව තිබෙනවා.
එය රිච්ටර් පරිමාණ ඒකක 6.4ක් ලෙස සටහන් වු බව මුලින්ම නිවේදනය කළා.
එහෙත් ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරන්නේ එය රිච්ටර් පරිමාණ ඒකක 5.6ක් ලෙසටයි.
කෙසේ වුව ද මෙම භූමිකම්පාව ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
නිවාස රැසක් කඩා වැටී තිබෙනවා.
භූමිකම්පාවෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි නේපාලයෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.