ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි.
දිගින් දිගටම සිදු වන තරඟ පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධ ව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතිනවා.
ලෝක කුසලාන තරඟාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම විවේචන එල්ල වන්නට වුණා.
වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක පුවත් මැවෙන ආකාරයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා වී තිබුණා.
ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර, බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බව දැනුම් දී තිබෙනවා.