කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝටියකට වැඩි දීමනා ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාල වාර්තාවක සඳහන් වනවා.
පසුගිය වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධීව මෙම ගෙවීම් කර ඇති බවයි දැක්වෙන්නේ.
අතිකාල හෝ නිවාඩු දින ආදී දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බවයි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ පහසුකම නොමැති බවයි.
වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත් ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවද එම නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන නිලධාරීන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ට නිර්දේශ කළා.