සුප්‍රිසිද්ධ ස්විට්සර්ලන්ත ගුවන්සේවය වන ඒඩෝවයිස් ගුවන් සේවාවට අයත් පළමු යානය අද පෙරුවරු 8.50 ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත ළඟා වුණා. ඒ මගීන් 221 දෙනෙකු ද සමඟයි.
ශීත සෘතුවේදී ශ්‍රී ලංකාව වෙත ස්විට්සර්ලන්ත සංචාරකයන් රැගෙන මෙසේ පැමිණීම විශේෂත්වයක්.
ලොව පුර රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක ක්‍රියාත්මක මෙම ගුවන්සේවාව ගමනාන්ත 70 ක් වෙත සිය ගුවන්ගමන් සිදු කරනවා .
ශ්‍රී ලංකාවෙන් ස්විට්සර්ලන්තයේ සූරිච් වෙත ගොස් යුරෝපයේ සෙසු රටවලට මෙන්ම උතුරු ඇමෙරිකාවට හෝ යාමට ස්විස් ජාත්‍යන්තර ගූවන් සමාගම හරහා ගුවන් මගීන්ට මෙමගින් අවස්ථාව උදාවනවා.
මේ අතර සංචාරකයන් 206 දෙනෙකු රැගත් පෝලන්ත ගුවන් යානයක් ද අද පෙරවරුවේ දිවයිනට ළඟා වුණා. පෝලන්තයේ එන්ටර් එයාර් ගුවන් සමාගමට අයත් මෙම යානය ද දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
ලබන වසරේ මාර්තු අවසානය දක්වා ශ්‍රී ලංකාව හා පෝලන්තය අතර ගුවන් මෙහෙයුම් සිදු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. දින 10 කට වරක් මෙම ගුවන් ගමන් සිදු කෙරෙනවා.
ප්‍රථම වතාවට දිවයිනට පැමිණි මෙම ගුවන් සේවාවට අයත් යානය ශ්‍රී ලංකා සංචාරක ප්රවර්ධණ කාර්යංශය මගින් උත්සවාකාරයෙන් පිලිගනු ලැබුවා.