fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස කාන්තාවකගේ නම අනුමත කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2023 15:00

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස කාන්තාවකගේ නම අනුමත කෙරේ

එක්සත් ජනපද නාවික හමුදාවේ ප්‍රධානියා ලෙස ප්‍රථම වතාවට කාන්තාවකගේ නම  අනුමත කිරීමට එරට සෙනෙට් සභාව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අද්මිරාල් ලීසා ෆ්රැන්චෙට්ටි මේ අනුව එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී කණ්ඩායමට එක්වන පළමු කාන්තාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇයගේ පත්කිරීම සෙනෙට් සභාව මගින් අනුමත කළ ද  එක් සෙනෙට් සභිකයෙකු පමණක් ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනපති ජෝ බයිඩන් විසින් ඇයගේ නම අනුමත කිරීමත් සමග පෙන්ටගනයේ හමුදා සේවා ශාඛාවක ප්‍රධානියෙකු ලෙස කාන්තාවක පත් කෙරුණු පළමු අවස්ථාව ද සටහන් කෙරුණා.

මේ අතර එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය මෙහෙයවනු ලබන්නේද කාන්තාවක විසින් වීම විශේෂත්වයක්.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2023 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්