ගිනිගත්හේන ප්රදේශයට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ඒ 07 ප්රධාන මාර්ගයේ කොටසක් ගිලා බැස තිබෙනවා.
ඒ හේතුවෙන් ගිලා බැස ඇති ස්ථානයෙන් රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය පැවසුවේ.
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ ගිනිගත්හේන කොවිල අසල ප්රධාන මාර්ගයේ කොටසක් මෙසේ ගිලා බැසිමට ලක්ව තිබෙනවා.
එම මාර්ගයේ ගමනා ගන්නා වාහන ගිලා බැස ඇති ස්ථානයෙන් ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.