මෙරට තෙදින නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වී තිබෙනවා.
ඒ අනුව ත්‍රිකුණාමලයේ පිහිටි IOC සමාගමේ 11 වන සහ 12 වන පෙට්‍රල් ටැංකි ඉන්දීය මුදල් අමාත්‍යවරිය විසින් විවෘත කර ඇති බව සඳහන්.
අද (02) උදැසන ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලේ දී ආගමික වතාවත්වල නිරත වූ බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.
ඇය ඊයේ (01) පස්වරුවේ මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද හමුවූ ඉන්දීය මුදල් අමාත්‍යවරිය මල්වතු මහා විහාරයට පැමිණ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇති බව සඳහන්.
පසුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
එමෙන්ම ඉන්දීය මුදල් අමාත්‍යවරිය අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත බවයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.