ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් ඇති කිරීමේ අවශ්‍යතාව ඇමති බන්දුල පෙන්වා දෙයි
Related Articles
ප්‍රබුද්ධ මාධ්‍ය කලාවක් ඇති කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා.
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.
ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වන වාර්ෂික සමුළුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.
ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන්.
පත්‍ර කලා සංගමයේ නව ෆේස්බුක් පිටුව අන්තර් ජාලයට එක්කිරීම මෙහිදි සිදුවුණා.
සිසිර විජේසිංහ සුබසාධන අරමුදල හා ආචාර්ය අන්ද්‍රා ධනපාල ලේඛකත්ව ප්‍රවර්ධන අරමුදල පිහිටුවීම මෙහිදි සිදුවුණා.
මාධ්‍යයේ උන්නතිය වෙනුවෙන් ජිවිතය කැපකල මාධ්‍ය ප්‍රවීණයින් දස දෙනෙකුට හරසර දැක්වීමට කටයුතු යොදා තිබීම ද විශේෂත්වයක්.
සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ මහාචාර්ය සඳගෝමි කොපරහේවා මහතායි.
ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට තම ගෞරවය පුදකළා.
ශ්‍රී ලංකාවේ ඉන්දුනිසියා තානාපතිනි දේවි ගස්ටිනා ටොබින් , ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති සිසිර විජේසිංහ යන මහත්ම මහත්මින් ද , විද්වතුන් ,කලාකරුවන් රාජ්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.