fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 13:00

වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

අද දිනයේ දී ඌව පළාත තුළ පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා.

හෙට දිනයේ දී උතුරු පළාත තුළත් සදුදා සිට ලබන සිකුරාදා දක්වා සෙසු පළාත්වලත් සංකේතාත්මක වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි එම සංගමය පවසන්නේ.

කෙසේ වෙතත් සංකේතාත්මක වැඩ වර්ජනයක් පැවතියද සියලුම හදිසි ප්‍රතිකාර සේවා කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවයි එම සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මන්ඩලය ද අද දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊට සහයෝගය දක්වමින් ආචර්ය සමිති සමමේලනයද වැඩ වර්ජනයට එක්ව සිටිනවා.

විශ්වවිද්‍යාල පද්ධතිය හා නිදහස් අධ්‍යාපනය දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති මහා සම්මේලනයයි මේ සඳහා මූලික වී සිටින්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 13:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්