fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංකු ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය නීතිමය වෙනස්කම් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 11:29

බැංකු ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය නීතිමය වෙනස්කම් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා

බැංකු ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය නීතිමය වෙනස්කම් මේ වන විට සිදු කෙරෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මේ අතර අනාගත රජයයන්ද මහ බැංකුවට ස්වාධීන කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හිටපු අධ්‍යක්ෂවරියක වන ආචාර්ය ෂාමිනී කුරේ මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වැනි සංවත්සර දේශනය පවත්වමිනුයි ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා රජයට උපදෙස් දෙන බහුපාර්ශ්වික බැදීම් සහ ණය තිරසරභාවය පිළිබද ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජික සහ අයිඑම්එෆ් හිටපු අධ්‍යක්ෂකවරියක වන ආචාර්ය ෂාමිනී කුරේ මහත්මිය සිය දේශනය පවත්වමින් තවදුරටත් පැවසුවේ යළි ආර්ථික අර්බුදයක් ඇති නොවීමට අයි එම් එෆ් රාමුව ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.

මෙහිදී අදහස් දැක් වූ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් කියා සිටියේ බැංකු ක්ෂේත්‍රයේ විනිවිදභාවය ප්‍රවර්ධනයෙහිලා මහ බැංකු පනත දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන බවයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්