fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට බංකොලොත් නොවී ආදායම් සෙවීමට වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට සිදු වූ බව ජනපති කියයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 11:23

රට බංකොලොත් නොවී ආදායම් සෙවීමට වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමට සිදු වූ බව ජනපති කියයි

ලබන වසරේදී රට බංකොලොත් නොවී ආදායම් සෙවීම සඳහා වැට් බද්ද 18% දක්වා වැඩි කිරීම සිදු වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා.

අසීරුතාවයෙන් වුව ද රටේ අනාගතය ගැන සිතා එම තීරණය ගැනීමට සිදුවූ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්වුණා.

අමාත්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍යවරුන් වන චාමර සම්පත් දසනායක හා ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

කර්මාන්තකරුවන් සඳහා වූ ඉන්ඩ්‍රස්ටී ටීවී නාලිකාව එළිදැක්වීම ද මෙහිදි සිදුවු අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් සදහා සම්මාන පිරිනැමීම ද සිදුවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්