fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කරයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 09:45

තේ වගාව සඳහා අවශ්‍ය පොහොර නිෂ්පාදන මිලටම ලබා දීමට රජයට අයත් පොහොර සමාගම් දෙක එකඟතාවය පළ කරයි

තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර සහන මිලකට ලබා දෙන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය ඊයේ (01) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවක දී තේ කර්මාන්තකරුවන්ගේ ස්වාධීන සංගමය මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.

රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම විසින් දැනට තේ, කුරුඳු, පොල් ඇතුළු  වැවිලි බෝග වර්ග සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් නිෂ්පාදනය කරනු ලබයි.

මෙම පොහොර තේ වගාව සඳහා ඉතා උචිත වන අතර එම පොහොර සහන මිලකට තේ කර්මාන්තකරුවන්ට ලබා දීම සම්බන්ධව අමාත්‍යවරයා රජයට අයත් පොහොර සමාගම් දෙකෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ජගත් පෙරේරා මහතා සමඟ සාකච්ඡා කරනු ලැබුවා.

ඒ අනුව මෙරට තේ වගාව සඳහා අවශ්‍ය වන පොහොර දැනට සමාගම විසින් නිෂ්පාදනය කරන මිලටම ලබා දීමට සභාපතිවරයා එකඟත්වය පළ කළා.

ඒ අනුව වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුව විසඳෙන අතර ඒ සම්බන්ධව පියවර ගැනීම පිළිබඳව තේ කර්මාන්තකරුවන්ගේ සංගමය අමාත්‍යවරයාට කෘතඥතාවය පළ කළා.

එමෙන්ම කෘෂිකාර්මික අංශයට පොහොර සැපයීම සඳහා ඉදිරිපත් වන කවර ආයතනයකට වුවද අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා තේ කර්මාන්තය සඳහා අවශ්‍ය වන පොහොර සම්පාදනයට ඉදිරිපත් වන්නේ නම් තේ කර්මාන්තකරුවන්ගේ සංගමයට ඊට අවසර ලබා දිය හැකි බවද සඳහන් කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 09:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්