ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) යටතේ ක්‍රියාත්මක “බිත්තර වී ගොවිපල 200ක් පිහිටුවීමේ වැඩසටහන ” මහවැලි “එච්” කලාපයේ ගොවීන් 200ක් සඳහා පැරෂුට් තැටි ප්රදානය කිරීමේ වැඩසටහනක්
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගල්නෑව කොට්ඨාස කළමනාකරණ කාර්යාලයේ දී පැවැත්වුණා.
මෙහිදී එක් ගොවි ගෙවිලියක සඳහා රු:88,000.00ක වටිනාකමකින් යුත් පැරෂුට් තැටි 800 බැගින් ප්රදානය කරන ලද අතර,එහි මුළු වටිනාකම රු:මිලියන 18කට ආසන්න ය.
1970න් පසු රටේ පැවති සමාජ ආර්ථික හා දේශපාලන වැරදි උකහා ගැනීම් හා අවිධිමත් තීන්දු තීරණ මත හිඳිමින් කටයුතු කිරීම හේතුවෙන්, රටේ පැවති කෘෂිකාර්මික හා නිෂ්පාදන ආර්ථික ක්‍රමවේදයන්ගෙන් බැහැරව ණය ආධාර මත හිඳිමින් කටයුතු කිරීම නිසාවෙන්, හෙළරජ සමයේ මහා ධාන්යාගාරයන් බවට පත් අප මාතෘ භූමිය අභාග්‍ය සම්පන්න ඉරණමකට මේ ආකාරයෙන් ගොදුරුවීමට හේතු වූ බව පසක් කරමින්, යළිත් රට සෞභාග්‍යය කරා රැගෙන යන්නට සාම්ප්‍රදායෙන් ඔබ්බට සුහුරු කෘෂිකාර්මික තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම කෙරෙහි අවධානය යොමුකරවන ලෙස මෙහිදී අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියා.
මෙම අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්.කුමාරසිරි මැතිතුමා, මහවැලි “එච්” කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංදික රණවීර මහතා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන) ධර්මරත්න මහතා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (ඉඩම්) නීතීඥ සමීර සේමසිංහ මහතා, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (තාක්ෂණ සේවා) ඉංජි. නාමල් හෙට්ටිආරච්චි මහතා, කොට්ඨාස කළමනාකාර මහත්ම මහත්මීන් හා මහවැලි නිලධාරීන් ඇතුළු ගොවි ගෙවිලියන් සහභාගී වී සිටියා.