fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

 සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 08:34

 සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින්

සෞඛ්‍ය සේවා කමිටුවට සහ අධ්‍යාපන සේවා කමිටුවට නව සාමාජිකයින් පත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් වසර දෙකක කාලයක් සඳහා මෙම පත්කිරීම් සිදුකර ඇති බවයි වාර්තා වනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා කමිටුවේ සභාපති ධුරයට ටී.එම්.එල්.සී. සේනාරත්න මහත්මිය පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයින් ලෙස වෛද්‍ය හපුගොඩ මහතා සහ නිමල් සරණතිස්ස මහතා පත්කර තිබේ.

වෛද්‍ය නිලධාරීන්, දන්ත වෛද්‍ය නිලධාරීන් හා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් ප්‍රාථමික ශ්‍රේණියට පත්කිරීම, සේවය ස්ථිර කිරීම, වාර්ෂික ස්ථාන මාරු සිදුකිරීම සහ විනය කටයුතු  සිදුකිරීම ඇතුළු කාර්යයන් රැසක් සෞඛ්‍ය සේවා කමිටුවට විසින් සිදු කරනු ලබනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අධ්‍යාපන සේවා කමිටුවේ නව සභාපතිවරයා ලෙස ජේ.ඒ. රංජිත් මහතා පත්කර තිබෙනවා..

එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එම්.එන්.කේ. වීරසිංහ මහත්මිය සහ ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 08:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්