fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකු නිසා විශාල අනතුරක් වැළකෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:30

දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකු නිසා විශාල අනතුරක් වැළකෙයි

දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට තිබී ඇති අතර දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකුගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී තිබෙනවා.

අදාළ ගස කඩාවැටීමට ආසන්න බව දුටු එම මාර්ග පරීක්ෂකවරයා මේ පිළිබඳව කඩිනමින් දෙමෝදර දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.

කඩිනමින් ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය වෙත පිවිසීම සඳහා අදාළ සංඥා නිකුත් නොකිරීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ අදාළ ගස කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වුණා.

පසුව පැය දෙකකට ආසන්න කාලයක් එම දුම්රිය නවත්වා තැබීමෙන් අනතුරුව දුම්රිය මාර්ගයක් යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුවයි කොළඹ බලා දුම්රිය ධාවනය කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්