fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ජිප් රථයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:55

නීති විරෝධීව මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී ජිප් රථයක් අත්අඩංගුවට

මධ්‍යම පළාතේ ප්‍රබල දේශපාලනඥයකු  නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථයක් රුපියල් කෝටියකට අලෙවි කිරීම සඳහා මෙරටට වාහන ගෙන්වා අලෙවි කරන ප්‍රධාන පෙළේ වාහන අලෙවි ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙක්ට අයත් නාරාහේන්පිට සුපිරි මහල් නිවාස සංකීර්ණයක රථගාලක නවතා තිබියදි පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාහන සමඟ එය විකිණීමට සුදානමින් සිටි වාහන ප්‍රදර්ශනාගාර හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

මෙම ජිප් රථය 2008 වසරේ සිට 2022 වසර දක්වා දේශපලනඥයාගේ නමින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේනතුවේ ලියාපදිංචි කර ඇති බවත්, 2022 වසරේ දී එය වෙනත් පුද්ගලයකුගේ නමින් ලියා පදිංචි කර ඇති බවත් සඳහන්.

නීති විරෝධීව මෙරටට ගෙන්වා ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ලියාපදිංචි කර ජිප් රථය වටිනාකමට අඩු මුදලක් වන රුපියල් කෝටියක මුදලක විකිණීමට සුදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුවයිවැටලීමහ සිදු කර තිබෙන්නේ..

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 2, 2023 05:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්