fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

QR කේත සහිත රියදුරු බලපත්‍රයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 15:12

QR කේත සහිත රියදුරු බලපත්‍රයක්

දැනට පවතින අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේත සහිත රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) දියත් කර තිබෙනවා.

මාධ්‍ය වාර්තාවලට අනුව, DMT කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, ඩිජිටල් හෝ ස්මාර්ට් රියදුරු බලපත්‍ර හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව ආරම්භ කළ බවයි.

වැඩිදුර තොරතුරු සපයමින් වීරසිංහ මහතා පැවසුවේ, ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සහ නිකුත් කිරීම නැවත DMT වෙත භාරදීමෙන් අනතුරුව ඔක්තෝබර් 16 වන දින මුද්‍රණ ක්‍රියාවලිය ආරම්භ කළ බවයි.

ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස චිප් කියවීම් ඒකක ආනයනය කිරීමේදී ඇති වූ දුෂ්කරතා හේතුවෙන් අර්ධ සන්නායක චිප් වෙනුවට QR කේතයක් ඇතුළත් කිරීමට තීරණය කර තිබෙනවා.

QR කේත සඳහා වෙනම ජංගම යෙදුමක් හඳුන්වා දී ඇති අතර එය DMT කාර්යාලය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් පමණක් ක්‍රියාත්මක කරන බව ඔහු පැවසුවා.

රථවාහන වැරදි සඳහා වැරදි ලකුණු ක්‍රමය ද ස්මාර්ට් රියදුරු බලපත්‍රයට ඇතුළත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්