කැනඩාව රජයේ ආයතනවල WeChat තහනම් කරයි
Related Articles
රජයේ ආයතනවල වීචැට් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.
චීන යෙදවුමක් වන වීචැට් සමාජ මාධ්‍ය, වට්ස්ඇප්, ෆේස්බුක්, ඇමර්සන් හා ටින්ඩර් වැනි සමාජ මාධ්‍ය සමස්තයෙහි එකතුවක් ලෙසයි නිර්මාණය කර ඇත්තේ.
චීනය තුළ බටහිර සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන බැවින් එම සියලු සමාජ මාධ්‍ය එක්කර වීචැට් නිර්මාණය කර තිබෙනවා.
වීචැට් සමාජ මාධ්‍ය හරහා එය භාවිත කරන්නන් සම්බන්ධයෙන් ඔත්තු බැලීමට හැකියවක් පවතින බවයි බටහිර රටවල් චෝදනා කරන්නේ.
ලොව වැඩිම පිරිසක් භාවිත කරන සමාජ මාධ්‍ය ලෙසද වීචැට් හැදින්විය හැකියි.
මීට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන කාලයේ දී ඇමෙරිකා රාජ්‍ය ආයතන තුළද වීචැට් භාවිතය තහනම් කෙරුණා.