දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් – අධිකරණය තීන්දුව එළියට
Related Articles
අභාවප්‍රාප්ත දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබෙනවා.
බෙල්ලේ සහ මුහුණේ ප්‍රදේශවලට එල්ල කරන ලද පීඩනයකින් ඔහුගේ මරණය සිදු වූවක් බවට ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ 5 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලය නිගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම සිද්ධිය හරහා අපරාධයක් සිදු වී ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරිය ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා..