ගනේමුල්ල සංජීවගේ සමීපතමයෙකු අත් අඩංගුවට
Related Articles
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස ගනේමුල්ල සංජීවගේ සමීපතම ගෝලයෙකු වන බස්නායකලාගේ දොන් රොෂාන් චතුර්ක නැමැති පුද්ගලයා අද (01) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට ඇතුළු වෙමින් සිටියදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු 33 හැවිරිදි නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු අද (01 ) අලුයම 04.00 ට සාජා සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
එහිදී ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ රැක සිටි පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් , ආගමන විගමන නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්පසුව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ කොළඹ පොලිස් විශේෂ කාර්යය බළකා මූලස්ථානය වෙත මෙම පුද්ගලයා රැගෙන විත් තිබෙනවා.
මොහු මත්ද්‍රව්‍ය අලෙවිය සහ කප්පම් ගැනීම මෙන්ම කෙහෙල්බද්දර පද්මෙ ගේ පියා වන නෙවිල් ගේ ඝාතනයට සහ දුනුමාලේ සරත් ගේ ඝාතනයට ද සම්බන්ධ බවට පොලිසිය සැක කරන අතර මොහු අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා