fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 13:16

විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

වැඩි කළ විදුලිබිලට එරෙහි විරෝධතාකරුවන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු ස්ථාන ගණනාවකට ඇතුළු වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතායි මෙම නියෝගය නිකුත් කළේ.

වැඩිකළ විදුලිබිලට එරෙහිව විරෝධතාකරුවන් විදුලිබල අමාත්‍යාංශය අසලට පැමිණීමට සූදානම් වන බවත් ඔවුන් ජනාධිපති මන්දිරය ඇතුළු ස්ථානවලට ඇතුළු විය හැකි බවටත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මෙම උද්ඝෝසණ හේතුවෙන් මහජන පීඩාවක් ඇති විය හැකි අතර රාජ්‍ය දේපළවලට හානි සිදුවිය හැකි බවටයි පොලිසිය දැනුම් දුන්නේ.

කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් ඉල්ලා සිටියේ ඒ අනුව අදාළ ස්ථානවලට ඇතුළු වීම වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙසයි.

ඒ අනුව අදාළ නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සාමකාමීව විරෝධතා පැවැත්විය හැකි බවද සඳහන් කළා.

එසේ නොවන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 13:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්