fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

AKEBONO නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 10:53

AKEBONO නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් අකේබොනෝ නෞකාව නිල සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායන්ට අනුව නෞකාවට සමුදීම සිදු කළා.

අකේබොනෝ නෞකාව නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේ පසුගිය 28 වනදායි.

එම නෞකාව ශ්‍රී ලංකා නාවික ශක්ති නෞකාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට එක් වුණා.

එහිදී නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම , නෞකා අතර පණිවුඩ හුවමාරුව ඇතුළු වැඩසටහන් රැසක් සිදු කෙරුණා.

එම නාවික අභ්‍යාසය අවසන් කළ අකේබොනෝ නෞකාව ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

නෞකාවට සමුදීමේ උත්සවය නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුව සිදු කෙරුණේ ත්‍රිකුණාමල වරායේ දී.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්