fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 06:34

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (2023.10.31) අධීකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශණ හෙට්ටිආරච්චි මහතා විසින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූ පුද්ගලයින් පුනරුත්ථාපනය කරන ආකාරය පිළිබඳව මෙන්ම ඒ වෙනුවෙන් මෙතෙක් සිදුකර ඇති ක්‍රියාකාරකම් පිළිබඳව මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා.

මෙහිදී අමාත්‍යතුමන් සඳහන් කළේ  පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විධීමත් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි.

බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, අධීකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය යන මහත්ම මහත්මීන් සහ පොලිස් දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 1, 2023 06:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්