බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද සිට
Related Articles
බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන අද සිට ලබන 14 වනදා දක්වා සති දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා.
ඒ අනුව වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසළ සිට ගාලුපාර පිටකොටුව දක්වා ක්‍රියාත්මක වන බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහනේදී ඇතුලුවීම පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වා ක්‍රියාත්මකයි.
එමෙන්ම මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත දක්වාත් බස් ප්‍රමුඛතා මංතීරු වැඩසටහන ක්‍රියාත්මක වනවා.
එහිදී ඇතුළු වීම 6 සිට 9 දක්වාද පිටවීම පස්වරු 4 සිට 7 දක්වාද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලංගම හා පෞද්ගලික බස් රථ , පාසල් වෑන් රථ හා බස් රථ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස්රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කළ හැකියි.