හමාස් ඉලක්ක 300කට පමණ ඊයේ රාත්‍රීයේ ගුවන් ප්‍රහාර
Related Articles
හමාස් ඉලක්කයන්ට ඊයේ රාත්‍රීයේ දී දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.
ඊශ්‍රායලය ගාසා තීරයේ පාබල මෙහෙයුම් ඊයේ දිනයේ දී ආරම්භ කළ අතර හමාස් සංවිධානය යුද ටැංකි නාශක අවි හා ස්වයංක්‍රීය ගිණිඅවි යොදා ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එමෙන්ම හමාස් ඉලක්ක 300කට පමණ ඊයේ රාත්‍රීයේ ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ සදහන් කරන්නේ.
ගාසා තීරයේ උතුරු ප්‍රදේශ තමන්ගේ ඉලක්කය බවට පැවසුව ද සමස්ත ගාසා තීරයටම ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන බවයි මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ.