fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 15:37

දිල්ලි වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු ගෝලීය තත්ත්වය ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වනවා.

දිල්ලි වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වන්නේ 322ක් ලෙසයි.

එය ඉතා ඉහළ අගයක් බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙනවා. දිල්ලි වලට අමතරව නොයිඩා නගරය ද වායු දූෂණය ඉහළම නගරයක් ලෙසයි සටහන් වන්නේ.

ඒ සමගම දිල්ලි හා නොයිඩා නගර වැසියන් තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව විශේෂඥයින් පෙන්වා දෙනවා.

ශිත සෘතු තුළ දී ඉන්දියාවේ නගර රැසක වායු දූෂණය ඉහළම මට්ටමකට පැමිණීම සාමාන්‍යයෙන් සිදුවනවා.

ගිණිකෙළි භාවිතය ඉහළ යාම හා ගොවීන් පිදුරු දහනය කිරීමට ඊට හේතුව බවයි පරිසරවේදීන් සදහන් කරන්නේ.

 

 

 

.

 

 

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 31, 2023 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්