භූතාන පාර්ලිමේන්තුව විසුරුවයි
Related Articles
භූතාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
භූතානයේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු භූතානයේ රජු ප්‍රධාන උපදේශකයෙකු ඇතුලු උපදේශක මඩුල්ලක් දින 15ක් ඇතුලත පත්කළ යුතු වනවා.
අනතුරුව දින 90ක කාලයක් ඇතුලත මහා මැතිවරණයක් පවත්වා පාර්ලිමේන්තුව සදහා සභිකයින් තෝරාගත යුතුයි.
භූතාන පාර්ලිමේන්තුවේ කාලය අදින් අවසන් වු අතර උපදේශන කමිටුව නැතහොත් භාරකාර රජය පත්කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදුවනු ඇති.
භාරකාර රජයට පත්කරනු ලබන ප්‍රධාන උපදේශකයා ලෙස එරට අග්‍ර විනිශ්චකාරවරයාව පත්කිරීම සාමාන්‍ය සිරිතක් වනවා.
කෙසේ වුවද භාරකාර රජය පත් කරන තෙක් කැබිනට් මණ්ඩලය එලෙසම ක්‍රියාත්මක වනු ඇති.