fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කඳානේ වෙඩිතැබීමේ සිද්ධියට තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2023 08:54

කඳානේ වෙඩිතැබීමේ සිද්ධියට තුන් දෙනෙකු අත්අඩංගුවට

කඳාන ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් බලෙන් ලබාගැනීමට තැත්කිරීම සහ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයට තැත්කිරීමේ වරද සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව උඩුගම්පොළ ප්‍රදේශයේ වැටලීමක් සිදු කෙරුණා. එහිදි කදාන ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් හා අවි ආයුද සඟවා තැබීමේ වරදට ආධාර අනුබල දුන් මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනුනා.

ඊයේ (30) රාත්‍රී කිරිවත්තුඩුව, දොම්පේ සහ උඩුගම්පොළ ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන කඳාන පොලීසිය වෙත භාරදී ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

සැකකරුවන් අතර කාන්තාවක් ද වන අතර සැකකරුවන් සතුව තිබී ටී 56 ජීව උණ්ඩ 57ක් සහ ඔවුන්ගේ වෑන් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2023 08:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්