fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ සිද්ධියට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බව පුටින් කියයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2023 09:39

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ සිද්ධියට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බව පුටින් කියයි

ඩැගෙස්තාන් ගුවන්තොටුපළේ දී යුදෙව් විරෝධි කණ්ඩායමක් ඇති කළ කලබලයට යුක්රේනය හා බටහිර රටවල් සම්බන්ධ බවට රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සඳහන් කරනවා.

පසුගිය දා ඩැගෙස්තාන් ගුවන්තොටුපළට පැමිණි යුදෙව් විරෝධි කණ්ඩායමක් ගුවන්තොටුපළ තුළ ඊශ්‍රායල ජාතිකයින් රැදි සිටින්නේ ද යන්න සොයා මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

රුසියාව තුළ ද යුදෙව් විරෝධි කෝලාහලයක් ඇති කර රුසියාව ද ඊශ්‍රායල හමාස් ගැටුමට ඇදා ගැනීමට ඇමෙරිකාව යුක්රේනය හා බටහිර රටවල් උත්සහ කරන බවටයි පුටින් ජනාධිපතිවරයා චෝදනා කරන්නේ.

යුදෙව් විරෝධි පිරිස ගුවන්තොටුපළට පැමිණීමෙන් පසු ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවර සිට ඊශ්‍රායල ජාතිකයින් රැගත් ගුවන් යානයක් පැමිණීමට නියමිතව තිබුණා.

ඔවුන්ට පහරදී රුසියාව තුළ අස්ථාවරත්වයක් ගොඩ නැගීමට සුදානම් කර තිබු බවටයි රුසියා බුද්ධි අංශ වාර්තා කරන්නේ.

පලස්තීන ජාතික ධජ රැගත් එම පිරිස යුදෙව් විරෝධි සටන් පාඨ ප්‍රකාශ කරමින් සිටි බව ද සදහන්. ඩගේස්තාන් ප්‍රදේශය බහුතර මුස්ලිම් ජනතාවක් වාසය කරන අතර ගාසා ගැටුම් සම්බන්ධයෙන් ඔවුන් විරෝධය පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 60කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කරන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2023 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්