දුම්රිය ගමන්වාර 12ක් අද අවලංගුයි
Related Articles
කාර්යාල දුම්රිය ගමන්වාර 12ක් අද දිනයේ අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබුණා.
මේ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි දූෂ්කරතාවට පත්වුණා.
අද දිනය තුළ උදෑසන සහ සවස් කාලයේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය හා දහවල් කාලයේ ධාවනය කෙරෙන දුම්රිය ගමන්වාර 12ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය මාස කිහිපය තුළ මාසයේ අවසාන සතියේ මෙසේ දුම්රිය අවලංගුවීම නොකඩවා සිදුව තිබෙනවා.
දුම්රිය නියාමකවරුන්ට මාසිකව ගෙවනු ලබන අතිකාල ප්‍රමාණය සම්පූර්ණ වූ පසු නැවත ඔවුන් සේවය සදහා වාර්තා නොකර ලෙඩ නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවටයි වාර්තා වුණේ.
මේ ආකාරයට පසුගිය මාස කිහිපයේම දුම්රිය ගමන්වාර අවලංගු කිරීම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට ලක්වුණා.