fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 14:10

බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට

බංග්ලාදේශ විපක්ෂ නායකවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බංග්ලාදේශයේ විපක්ෂ නායක අලම්ගීර් සහ ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් ඩකාහි පැවති ආණ්ඩු විරෝධී පෙළපාලි වලින් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායක මිර්සා ෆක්රුල් ඉස්ලාම් අලම්ගීර් ඇතුලු පිරිස අගමැතිනි ෂීක් හසීනාට ඉල්ලා අස්විය යුතු යැයි බල කරමින් විරොධතා පැවැත්වූවා.

සති අන්තයේ පැවැති විරොධතා වලට දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියා. එම විරොධතා වලින් එක් පොලිස් නිලධාරියෙකු හා විරෝධතාකරුවකු මිය ගියා.

කෙසේ වෙතත් 75 හැවිරිදි අලම්ගීර් අත්අඩංගුවට ගැනීම පිළිබඳ විරොධයක් පළව තිබෙනවා.

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 14:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්