fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දීමක් – වගකීමක් නොගන්නා බවද ඊශ්‍රායලය කියයි

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:37

ගාසා හි රෝහලක් ඉවත් කර ගන්නා ලෙසට දැනුම් දීමක් – වගකීමක් නොගන්නා බවද ඊශ්‍රායලය කියයි

ඊශ්‍රායලය දන්වා ඇති පරිදි ගාසා හි අල්-කුඩ්ස් රෝහලේ රෝගීන් ඉවත් කර ගැනීම අපහසු බව වෛද්‍යවරු පවසනවා.

ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත්තේ රෝහලේ රෝගීන් ඉවත්කර නොගන්නේ නම් ඊට එල්ල විය හැකි ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වන්නන් පිළිබද වගකීමක් තමන්ට භාරගත නොහැකි බවයි.

කෙසේ වෙතත් ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසන්නේ රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ අඩු වයස් වල උපත් සහිත ළදරුවන් සිටින අතර මෙම නියෝගයට අනුව ඔවුන් ඉවත් කිරීමට නොහැකි බවයි.

මේ අතර මේ වන විට සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ හා එහි භූමියේ රැඳී සිටිනවා. කෙසේ වෙතත් ඊයේ දවස පුරා රෝහල් භූමියට ගුවන් ප්‍රහාර එල්ල වුණා.

මේ අතර සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී තිබෙනවා.

පසුගිය 7වනදා හමස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වූ අතර පුද්ගලයන් 230 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් තිබුණා.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට මේ වන තෙක් 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

ගිනිකොනදිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 27 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් සිට ඔඩීෂා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විජයනගරම් දිස්ත්‍රික්කයේ දී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීමෙන් අනතුර සිදු වුණා. එකිනෙක ගැටීමෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා. මීට මාස 4කට පෙරද පුද්ගලයන් 275 දෙනෙකු මිය ගොස් 1,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ අනතුරක් ඔඩීෂා හි සිදු වුණා.***

බ්‍රසීලයේ ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවු ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ඉක්මවා තිබෙනවා. රියෝ බ්‍රැන්කෝ ගුවන් තොටුපළින් පියාසර කළ කුඩා ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වුණා. කඩා වැටීමෙන් පසු ගින්නක් ද හටගත් අතර එහි ගමන් ගත් සියලුදෙනාම මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

*** නජිත් / සුපුනි / 11.09

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්