fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම ට ඇමති මනූෂ එකඟ නැහැ

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:23

නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම ට ඇමති මනූෂ එකඟ නැහැ

නීති විරෝධීව ඊශ්‍රායලයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

” ඊශ්‍රායලයේ සේවයේ නිරත අපේ ශ්‍රමිකයන්ට එරට සිටීම අණතුරුදායක නම් ඕනැම අවස්ථාවක,අපි ඔවුන් මව්බිමට ගෙන්වා ගන්න සූදානම් .

නමුත් මෙතෙක් කිසිම කෙනෙක් ආපසු ඒමට කැමැත්ත පළකර ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර නැහැ.

යුද්ධය පවතින ප්‍රදේශ වල සිටින පිරිස ආරක්ෂිත ස්ථාන වල සිටින බවට තොරතුරු ලැබෙනවා .

නමුත් ඊශ්‍රායලය පමණක් නෙවි ඒ අසල තිබෙන රටවල සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයන්ට පවා යුද්ධයෙන් අණතුරුදායක බවක් තිබේනම් අපි ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කර තිබෙනවා.

ඊශ්‍රායලයේ නෙවි ලෝකයේ කුමන රටක හිටියත් මරණය අපි කරා එන්නේ ඒ අපි ගෙනා ආයුෂ අනුවයි.අපි පලස්තීනය පැත්තෙත් නෙවි ඊශ්‍රායලය පැත්තෙත් නෙවි මධ්‍යස්ථ ප්‍රතිඵත්තියක් අනුව අපේ රට වැඩ කරන්නෙ.අපි යුද්ධයට අකමැති යි.

මේ වන විට ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට වීසා දීම නම් මා අනුමත කරන්නෙ නැහැ.

මා ඒ පුවත මාධ්‍ය වලින් ප්‍රචාරය වනවා දැක්කා.ලංකාවේ ජීවත්වෙන්න බෑ කියලා මේ රටින් ගිහින් ඒ රටේ නීතිවිරෝධී අන්දමින් රැදී සිටි අයට විසා දීම නීතිවිරෝධීයි.අපි නඩු දමා තිබෙන නීතිවිරෝධී ශ්‍රමිකයන්ට එරට තානාපති තුමා මැදිහත්වී වීසා ලබාදීම මා නම් අනුමත කරන්නේ නැහැ

අනුලා වීරසිංහ ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරව‍රියක් ලෙස ඔවුන් සලකන්නේ.දෙරටක ජාතික ධජවලින් ආවරණය කර සේවය කරපු රටේ වීරවරියක් ලෙස නම්කරමින් ගෞවාචාර දක්වා මෙරටට මෘතදේහය එව්ව පලමු කාන්තාව අනුලායි.”

 

hasiniek
By hasiniek ඔක්තෝබර් 30, 2023 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්