අනියම් සැමියාගේ අමානුෂික ප්‍රහාරයෙන් 45හැවිරිදි කතක් මරුට
Related Articles
අයගම, ඉන්නකන්ද ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (29) රාත්‍රී කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් බිම ඇද වැටී සිටින බවට අයගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලිස් නිලධාරීන් විසින් තුවාලකාරිය අයගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබුණි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වන ඉන්නකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
පවුල් ආරවුලක් හේතුවෙන් අනියම් ස්වාමිපුරුෂයා විසින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.