fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුෂිගේ ක්‍රීඩා කටයුතු සඳහා සම්පූර්ණ අනුග්‍රහය ලබාදීමට ඩඩ්ලි පොරොන්දු වෙයි 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:09

තරුෂිගේ ක්‍රීඩා කටයුතු සඳහා සම්පූර්ණ අනුග්‍රහය ලබාදීමට ඩඩ්ලි පොරොන්දු වෙයි 

2024 වසෙර් පැවැත්වෙන ඔලිම්පික් උළෙල දක්වා තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව වෙනුවෙන් සියලු ක්‍රීඩා කටයුතු සදහා සම්පූර්ණ අනුග්‍රහය ලබාදීමට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය තුළ බැබලවීමට ක්‍රියා කළ තරුෂි කරුණාරත්න වෙනුවෙන් පැවති උපහාර උත්සවයකට එක්වෙමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙම පොරොන්දුව ලබාදුන්නා.

ආසියා ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනිමින් මව්බිමට කීර්තියක් අත්කර දීමට තරුෂි කරුණාරත්නට හැකිවුණා.

ඇය වෙනුවෙන් උපහාර පිරිනැමීමේ උත්සවයක් පොළොන්නරුවේදී පැවැත්වුණා.

තරුෂි කරුණාරත්න වෙනුවෙන් රුපියල් ලක්ෂ 26ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී ලබාදුන්නා.

ඇයගේ පුහුණුකරු වන සුනිල් ප්‍රනාන්දු මහතා වෙතද මෙහිදී උපහාර පිරිනැමුණා.

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා කියාසිටියේ ඔලිම්පික් තරගාවලිය දක්වා ඇයගේ සියලු ක්‍රීඩා කටයුතු වෙනුවෙන් තමන් පූර්ණ අනුග්‍රහය දක්වන බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 14:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්