විශ්වවිද්‍යාල සිසුන් පර්යේෂණ කාර්යයේ යෙදෙනවාට වඩා ඉල්ලීම් දිනා ගැනීමට පාරේ ඉන්නවා
Related Articles
නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ලබාදීම අප ඉදිරියේ ඇති විශාල අභියෝගයක් බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඔක්තෝබර් 26 වනදාට යෙදුණු ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ දිනය වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඇගයීම් උත්සවයේදී අමාත්‍යවරයා එම අදහස් පළකළා.
ඉතිහාසයට දොස් කියමින් සිටිනවාට වඩා පවත්නා ක්‍රමය වෙනස් කිරීමට කිසිවෙකු උත්සාහ නොකිරීම හේතුවෙන් ලෝකය අප පසුකර ඉදිරියට යමින් සිටින බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
මෙරට විශ්වවිද්‍යාල සිසුන් පවා වර්තමානයේ දී පර්යේෂණ කාර්යයේ යෙදෙනවාට වඩා ඉල්ලීම් දිනා ගැනීමට පාරේ සිටින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.