fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීමතින් රිය ධාවනය කර හසුවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 12:31

බීමතින් රිය ධාවනය කර හසුවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා..

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි.

වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයේ දී ඊයේ  රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණා.

එහිදී රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 12:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්