මිලියන 41ක කේරල ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩගුවට
Related Articles
රුපියල් මිලියන 41ට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගැණුනා.
සැකකටයුතු ලෙස ධාවනය කළ ත්‍රි රෝද රථයක් පරීක්ෂාවට ලක්කිරීමේ දී එහි තිබූ උර තුනක පාර්සල් 50ක අසුරා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 104ක තොගයක් සොයා ගැණුනා.
මෙම සැකකරුවන් සහ ත්‍රි රෝද රථය ඉදිරි නීතිමය කටයුතු සදහා වඩුක්කොඩ්ඩායි පොලීසියට භාරදීමට කටයුතු කෙරුණා.