fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුලා ජයතිලක මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බව තහවුරු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 11:46

අනුලා ජයතිලක මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බව තහවුරු වෙයි

ඊශ්‍රායලයේ රැකියාවක නිරතවූ අනුලා ජයතිලක මහත්මිය මියගොස් ඇත්තේ වෙඩි වැදීමකින් බවට මෙරටදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වී තිබෙනවා.

ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටි අනුලා ජයතිලක මහත්මිය එරට පවතින ගැටුම් හමුවේ ජීවිතක්ෂයට පත්වුණා.

ඇය සාත්තු සේවිකාවක ලෙස විදේශ රැකියාවක් සදහා ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත්තේ 2013 වසරේයි.

එතැන් සිට පසුගිය 7 වනදා හමාස් ප්‍රහාර එල්ලවන තෙක්ම ඇය ඊශ්‍රායලයේ රැකියාවේ නිරත වුණා.

ඇයගේ දේහය හදුනා ගැනීමෙන් පසු ඊයේ දිනයේ මෙරටට රැගෙන එනු ලැබුවා.

දේහය පිළිබඳ මෙරටදී ද පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වුණු අතර එහිදී තහවුරු වී ඇත්තේ වෙඩි වැදීමක් හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිරුර අභ්‍යන්තරයේ තිබී උණ්ඩ කැබලි කිහිපයක් ද හමුවූ බව පොලීසිය ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 11:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්