fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රෝහල් රැසක ශල්‍යකර්ම සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 11:27

රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රෝහල් රැසක ශල්‍යකර්ම සීමා කෙරේ

සමස්ත ලංකා හෙද සංගමය පවසන්නේ, ඖෂධ හා රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්‍යකර්ම සීමාකර ඇති බවයි.

අදාළ ගැටලු විසඳීමට මෙතෙක් සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බවයි, එම සංගමයේ ප්‍රධාන ලේකම්, එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්. පී මැදිවත්ත මහතා සඳහන් කළේ සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යේ පවතින පුරප්පාඩු පිරවීමට ද කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට වත්මන් අමාත්‍යවරයා කඩිනමින් මැදිහත් විය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්