කොළඹ නගරයේ ජලයෙන් යටවන ස්ථාන 20ක ජනතාවට නව නිවාස
Related Articles
මේ වන විට වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවන බවට හඳුනාගත් කොළඹ නගරයේ ස්ථාන විස්සේ ඇති ගැටලු විසදීමට කටයුතු යොදා තිබෙනවා.
කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන සඳහන් කළේ කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඒ සදහා අරම්භ කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් පහත් බිම් සංවර්ධන මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ ජලයෙන් යටවන ස්ථානවල පිහිටි නිවාසවල ජනතාව ඉවත් කර ඔවුන්ට නව නිවාස ලබා දීම සඳහා නාගරික සංවර්ධණ අධිකාරිය සමඟද සාකච්ඡා කර තිබෙනවා.