සම්මුඛ පරීක්ෂණයකට පමණක් සීමා වූ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම වහාම කඩිනම් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව අදාළ බඳවා ගැනීම් පිළිබඳ නිශ්චිත තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ලබා දෙන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.
රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ නිලධාරිනියන් සමඟ පසුගියදා (27) මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසුවා.
2021 වසරේ ජනවාරි මස පළ කරන ලද ගැසට් නිවේදනයකට අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ඒ පවුල් සෞඛ්‍ය සේවය වෙනුවෙන් නව පත්වීම් 2500ක් ලබා දීම වෙනුවෙනි.
එහෙත් ඉන් 1000ක පිරිසක් පමණක් මේ වන විට පුහුණු වීම් ලබන අතර සෙසු පිරිස තව දුරටත් රැකියා අපේක්ෂාවෙන් සිටින බව අනාවරණය වී තිබෙනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ පත්වීම් ලබා දීම අත්හිටුවීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ සමත් වූ පිරිස දැඩි අපහසුතාවකට පත්ව ඇති බව එම සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය මෙහිදී සඳහන් කළා.
අමාත්‍යවරයා එහි දී කියා සිටියේ ආදායම ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තුළ සියලු වියදම් කළමනාකරණය කිරීමට රජයට සිදුව ඇති බවයි.
එහෙත් සෞඛ්‍ය වැනි අතිශය වැදගත් ක්ෂේත්‍රයක බඳවා ගැනීම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බව සඳහන් කළ අමාත්‍යවරයා අදාළ බඳවා ගැනීම් සිදු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දුන්නා.
ඒ අනුව ලෝක බැංකු ආධාර වැඩසටහන ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව සහ එසේ නොමැති නම් ඒ සඳහා මුදල් ලබා ගැනීමේ විකල්ප ක්‍රමවේදයක් හෝ සකස් කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
රජයට ආදායම් ලබා දෙන දේශී්‍ය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතනවල පවා පුරප්පාඩු පවතින අතර ඊටත් වඩා ප්‍රමුඛත්වයකින් සෞඛ්‍ය සේවයේ බඳවා ගැනීම් සඳහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.