fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යයි – පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 08:10

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යයි – පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ  රාත්‍රී කාලයේ එම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

මියගොස් ඇත්තේ, මයිල්කුන්ජම්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්

ආරවුලක් අතරතුර පුද්ගලයෙකු විසින් මරණකරුගේ හිසට පොරවකින් පහරදී ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

පහරදීම සිදු කළ පුද්ගලයාද තුවාල ලබා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාංචෝල රෝහලට මාරුකර යවා තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ මාංචෝල රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2023 08:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්