fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගනේමුල්ල සංජීව රඳවාගෙන සිටින වීරගුල පොලිස් ස්ථානය වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 19:00

ගනේමුල්ල සංජීව රඳවාගෙන සිටින වීරගුල පොලිස් ස්ථානය වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට

ප්‍රබල පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව රදවාගෙන සිටින වීරගුල පොලිස් ස්ථානය හා නිට්ටඹුව පොලිස් ස්ථානය වීඩියෝගත කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගනේමුල්ල සංජීව දැඩි ආරක්ෂාව මධ්‍යයේ වීරගුල පොලිස් ස්ථානයේ රදවා සිටිනවා.

එම පොලිස් ස්ථානය ජංගම දුරකතනයක් යොදා ගනිමින් ඉතා රහසිගතව වීඩියෝගත කිරීමට මෙම සැකකරු ක්‍රියාකළා.

වයස අවුරුදු 28ක් වන මෙම පුද්ගලයා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අත්තනගල්ල ඕගොඩපොල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටිනවා.

සැකකරුගෙන් මේ වන විට රදවාගෙන ප්‍රශ්න කරනවා.

ගනේමුල්ලේ සංජීව රඳවාගෙන ප්‍රශ්න කෙරේ

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 19:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්