fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව දිවයිනට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 16:46

ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්‍රීඩිකාව දිවයිනට

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ක්‍රීඩිකා ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන සිසුවිය අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙම තරගාවලිය ඊජිප්තුවේ රටවල් 75 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් ඉකුත් 14 දින සිට 27 දින දක්වා පැවැත්වුණා.

ඔසිනි දේවින්ද්‍යා ගුණවර්ධන කොළඹ මිචෙලි ජාත්‍යන්තර පාසැලේ 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර චෙස් තරගාවලියක දී රන් පදක්කමක් දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙයයි.

ඔසිනි දේවින්ද්‍යා අද (28)  උදෑසන 09.05 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා චෙස් සංගමයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ඇතුළු එම සංගමයේ නිලධාරීන් පිරිසක් , ඔසිනි දේවින්ද්‍යා ඉගෙනුම ලබන පාසැලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් සහ ඇයගේ ඥාතීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 16:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්