ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Related Articles
ප්‍රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එහි දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයක කඩාවැටී ඇති බවයි.
ඒ හේතුවෙන් දුම්රිය මාර්ග දෙකම මේ වන විට අවහිරව ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට ධාවනය වන දුම්රියන් මීරිගම දුම්රිය ස්ථානයේ දී හා නුවර, බදුල්ල, අනුරාධපුර වැනි ප්‍රදේශ වල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය පොල්ගවෙල දුම්රිය ස්ථානයේ දී ප්‍රමාද විය හැකියි.