fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු අත්හිටුවීමට උපදෙස්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 16:28

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු අත්හිටුවීමට උපදෙස්

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාංගනයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව  කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන තෙක් එම සංවර්ධන කටයුතු අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

පසුගිය 25 වනදා මෙම පාසලේ ක්‍රීඩාංගනයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට සැළසුම් කර තිබුණා. ඒ රුපියල් ලක්ෂ 550ක වියදමින් ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේයි.

එහෙත් එම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවේ පාසලට අයත් නොවන දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් පිරිසක් පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී උද්ඝෝෂණයක් මෙහෙයවා ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය දැනුම් දෙන්නේ.

එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තෙක් ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවීම සදහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

තමන් මෙම උත්සවයට සහභාගී නොවුණු අතර අදාළ වේලාවේදී බිංගිරිය ක්‍රීඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.

කෙසේ වුවද ගුරුවරුන් සිය රාජකාරී කාලය තුළදී මෙවැනි ක්‍රියාවල නිරත වීම ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය බිහි කළ ශ්‍රියානි කුලවංශ,  චමරි අතපත්තු වැනි ක්‍රීඩිකාවන්ට මෙන්ම මහින්ද ජයසිංහ වැනි අයට ද අපහාසයක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 16:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්