fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

‘AKEBONO’ (DD 108) නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 15:02

‘AKEBONO’ (DD 108) නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (28) උදෑසන ත්‍රිකුණාමල වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස ත්‍රිකුණාමල වරායට සේන්දු වූ Destroyer වර්ගයට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව, දිගින් මීටර් 150.5 ක් සහ නැව් මුළුව 172 ක ගෙන් සමත්විත වේ.

නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් Hisato SOTOKAWA සහ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත.

‘AKEBONO’ (DD 108) නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුලදී එහි නැව් මුළුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

තවද, ‘AKEBONO’ (DD 108) නෞකාව 2023 ඔක්තෝබර් මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ නැගෙනහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PHOTOEX) නිරත වීමටද නියමිතව ඇත.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 28, 2023 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්